Automated Fingerprint Identification System Launching This Week

Automated Fingerprint Identification System LaunchedThe Police Spokesman Mr. Ajith Rohana stated  that they were launching the Automated Fingerprint Identification System  developed by Theekshana, the company of University of  Colombo School of Computing within this week.

Related Press Releases

  • News 1

ඇගිලි සළකුණු වාර්තා විනාඩි තුනකින් - VFM News (Sinhala Version)

Fingerprint අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක‍්‍රමවේදය නිර්මාණය කර දීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය
සමත් වුණා. අදාල කි‍්‍රයාවලිය සඳහා අවශ්‍ය මෘදුකාංගය ජපානයෙන් ආනයනය කිරීමට සිදුව තිබූ අතර ඒ සඳහා රුපියල් කෝටි අසූවක මුදලක් වැය කිරීමට ද සිදුව තිබුණා. මෙම තත්ත්වය හේතුවෙන් අදාල ස්වයංක‍්‍රීය ඇ`ගිලි සළකුණු ජාලය ස්ථාපිත කිරීමට බොහෝ කාලයක් බලා සිටීමට පොලීසියට සිදු වුණා. කෙසේ වෙතත් අදාල මෘදුකාංගය වෙනුවට දේශීය මෘදුකාංගයක් හඳුන්වාදීමත් සමග එම බාධාකාරී තත්ත්වය පහව ගියා. මේ වන විටත් අදාල මෘදුකාංගය තුළින් අපරාධකරුවන්ගේ ඇ`ගිලි සළකුණු පරිගණක ගත කර අවසන්. දැනට ලේඛණගතව සිටින අපරාධකරුවන් තුන් ලක්ෂ හැත්තෑදහසකගේ ඇ`ගිලි සළකුණු මෙලෙස පරිගණක ගත කර ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කලේ.  

නව මෘදුකාංග හඳුන්වාදීම සම්බන්ධවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අදහස් පළ කළා. (Click on the following links to listen to the voice tracks)

Audio 01
http://www.vfmradio.lk/wp-content/uploads/2014/02/POLICE-EDIT-001.mp3

Audio 02

http://www.vfmradio.lk/wp-content/uploads/2014/02/POLICE-EDIT-002.mp3   


  • News 2

    ස්වංයක‍්‍රීය ඇඟිලි සලකුණු පද්ධතිය මේ සතියේ හඳුන්වාදෙයි. - Hiru FM News (Sinhala Version)

    ස්වයංක‍්‍රීය ඇඟිලි සලකුණු පද්ධතිය මේ සතියේදී හඳුන්වාදෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිිස් අධිකාරි අජිත් රෝහණ පවසනවා. කොළඹ අද
    (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම නව පද්ධතිය තුළින් මෙතෙක් දින 14 ක් ගත වූ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තා ලබා ගැනීම විනාඩි 3 න් සිදුකළ හැකි බවයි.

              Read More...

              http://www.hirunews.lk/sinhala/77958

  • News 3

           අපරාධකරුවන් හඳුනාගන්න අලුත් ක්‍රමයක් එයි - Ada Derana (Sinhala Version)

February 23, 2014  02:05 pm
අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි. මෙම ස්වයංක‍්‍රීය ඇඟිලි සලකුණු ක්‍රමවේදය මේ සතියේදී හඳුන්වාදෙන බව පොලිස් මූලස්ථානයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

Read More...

           http://sinhala.adaderana.lk/news.php?nid=41329

Ada Derana - (English Version)

http://www.adaderana.lk/news.php?nid=25859

  • News 4

අපරාධකරුවන් සැණින් හඳුනාගන්න ඇඟිලි සලකුණු ජාල පද්ධතියක් - Divaina (Sinhala Version)

දිවයිනේ විවිධ අපරාධ සිදුකර වාර්තාගත වී ඇති අපරාධකරුවන් විනාඩි තුනක්‌ වැනි කෙටි කාලයකින් හඳුනාගත හැකි ස්‌වයංක්‍රීය ඇඟිලි සලකුණු ජාල පද්ධතියක්‌ පොලිස්‌ මූලස්‌ථානය විසින් ස්‌ථාපනය කර ඇත.

විවිධ අපරාධ සිදුකළ අපරාධකරුවන් ලක්‍ෂ 05 කගේ පමණ තොරතුරු ඇඟිලි සටහන් කොට්‌ඨාසයේ වාර්තාවල ඇතුළත්ව පවතින අතර එම තොරතුරු පරිගණක ජාලගත කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (23 වැනිදා) පොලිස්‌ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට මියයැම් සහ වෙනත් හේතු මත ඔවුන් අතරින් එක්‌ලක්‍ෂ තිස්‌දහසක්‌ (130,000) පමණ රට තුළ නොමැතිවීම හෝ අපරාධ සිදු නොකරන බවට
හඳුනාගෙන ඇතත් තුන්ලක්‍ෂ හැත්තෑදහසක (3,70,000) පමණ පිරිසක්‌ තවම රට තුළ සිටින බව හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීය.

මෙම පද්ධතිය පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ ඉල්ලීම මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ අනුමැතිය අනුව ස්‌ථාපිත කළ බව කී අජිත් රෝහණ මහතා මෙය නොබෝ දිනකින් දිවයිනේ පොලිස්‌ ස්‌ථාන 403 මගින් දත්ත ලබාගත හැකිවන අයුරින් ජාලගත කරන බව ද කීය.

රුපියල් කෝටි 80 ක වියදමින් ජපානයෙන් ඉදිකර දීමට ඉල්ලීම් කළ මෙම දත්ත පද්ධතිය කොළඹ විශ්වවිද්‍යාලය හා අයි. සී. ටී. ආයතනය එක්‌ව රුපියල් කෝටියක වියදමකින් පොලිස්‌ මූලස්‌ථානයට ලබාදීමට කටයුතු කළ බව ද හෙතෙම කීය.

මේ වන විට යම් පුද්ගලයකුගේ ඇඟිලි සටහන් වාර්තා දින 14 ක්‌ ඇතුළත ලබාදෙන අතර මෙම පද්ධතිය ව්‍යාප්ත කිරීමත් සමඟ ඕනෑම අයකුගේ ඇඟිලි සටහන් වාර්තා විනාඩි තුනක්‌ වැනි කාලයකින් ලබාගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

Read More...

http://www.divaina.com/2014/02/24/news04.html

  • News 5

අපරාධකරුවෙකු-විනාඩි-තුනකින්-සොයන-ක්‍රමයක් -  Ada (Sinhala Version)

යම් පුද්ගලයෙකු අපරාධකරුවෙකුද, නැද්ද යන්න විනාඩි තුනක් ඇතුළතදී අනාවරණය කරගැනීම සඳහා ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු පද්ධති ක්‍රමය කඩිනමින්
මෙරට පොලීසියට හඳුන්වාදෙන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

දකුණු ආසියාවේ ප්‍රථමවරට ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ මෙරට පොලිස් ස්ථාන 403 ම අවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

විවිධ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇඟිලි සලකුණු තැබූ පුද්ගලයන් ලක්ෂ 05කගේ ඇඟිලි සලකුණු වාර්තා අපරාධ කොට්ඨාසයේ වාර්තාවල ඇති අතර, මින්
පුද්ගලයන් 130,000 දෙනෙක් මියගොස් හෝ අතුරුදන්ව සිටිති. එසේම 37,0000 ක පමණ පිරිසක් දැනට ජීවත්වන බවටද සැලකෙයි.

මෙම පිරිසේ සියලු දත්ත පරිගණකගත කර ඇති අතර, නව ක්‍රමයට අනුව ඇඟිලි සලකුණු තැබූ පසු සියලු විස්තර විනාඩි තුනක් ඇතුළතදී බලාගැනීමට හැකි
වේ.

Read More...

Ada News Paper


Click here to view more information about AFIS (Automated Fingerprint Identification System)


Last Updated on Monday, 24 February 2014 16:17
 

Copyright © 2010. Theekshana . All rights reserved. Designed & Developed by Theekshana